Advertisement

Anura Dissanayaka Speaks on University Collage - 24.01.2020

Anura Dissanayaka Speaks on University Collage - 24.01.2020 ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප්‍රශ්නය - 2020.01.24

2014 වර්ෂයේ ස්ථාපිත කරන ලද විශ්වවිද්‍යාල විද්‍යායතන 06ක අධ්‍යාපනය ලබනමින් සිටින සිසු සිසුවියන් තමන්ගේ අනාගතය පිළිබඳව මුහුණදී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

වෘත්තීය තාක්ෂණ විද්‍යාල පනත යටතේ 2008දී නෛතික වශයෙන් ස්ථාපනය කරන ලද විශ්වවිද්‍යාල විද්‍යායතන - ‘යුනිවර්සිටි කොලේජස්’ නමින් වන උසස් අධ්‍යාපන ආයතන 06ක් වෙනුවෙන් 2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී එවකට පැවති ආණ්ඩුව විසින් සිසුන් ඇතුළත් කර ගනු ලැබුවා. මෙහිදී ඔවුනට දෙන ලද අපේක්ෂාව වූයේ පාඨමාලාව අවසානයේ ඔවුනට උපාධියක් ලබාගැනීමට හැකියාව ඇති බවයි.
කෙසේ වුවද 2015 ඇති වූ ආණ්ඩු මාරුවත් සමග මෙම පාඨමාලා සම්බන්ධයෙන් වෙනස් පිළිවෙතක් අනුගමනය කෙරුණා. ඒ අනුව එම සිසුන්ට හිමිවනුයේ උපාධියක් නොව ඩිප්ලෝමා සහතිකයක් බවට ප්‍රකාශයට පත්කෙරෙනවා. එසේම එම සිසුන්ට ශිෂ්‍යාධාර පහසුකම් හා නේවාසික පහසුකම් අහිමි කරනු ලැබෙනවා. විද්‍යාගාර පහසුකම් කප්පාදු කෙරෙනවා. මේ අනුව උපාධියක් ලබා ගත හැකි බවට ඔවුන්ට ලබා දී බලාපොරොත්තු බරපතළ ලෙස කඩවීමක් සිදුවුණා.

වර්තමාන ආණ්ඩුව මෙම විශ්වවිද්‍යාල විද්‍යාල 06ට අදාළ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම වෙනුවට ඒවා වසා දැමීමට සූදානම් බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ හේතුවෙන් මෙම ආයතනයන්හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් බරපතළ අපේක්ෂාභංගත්වයකට පත්ව සිටිනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

1. මෙම ‘යුනිවර්සිටි කොලේජස්’වල අධ්‍යාපනය ලබන සිසුන්ට උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීමේ පහසුකම ඇතුළු අනෙකුත් පහසුකම් නැවත ස්ථාපිත කරනු ලබන්නේද?

2. එම ආයතන වසා දැමීමේ තීරණයක් ආණ්ඩුව විසින් ගනු ලැබ තිබේද? එම ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය කුමක්ද?

3. විශ්වවිද්‍යාල විද්‍යායතනවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුව සතු වැඩපිළිවෙළ කුමක්ද?

අනුර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී
2020.01.23

jvp,

Post a Comment

0 Comments